Home Politics News Room : දරුවන්ගේ සිහින සැබෑ වන හෙට දවසක් නිර්මාණය කරනවා –...

News Room : දරුවන්ගේ සිහින සැබෑ වන හෙට දවසක් නිර්මාණය කරනවා – ජාජබ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ

5
0

සිහින දකින දරුවන්ට එය සැබෑ කර ගත හැකි හෙට දවසක් නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියා කරන බව එහි ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (18) අනුරාධපුරයේ පැවති ‘අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය’ නම් අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“හැත්තෑ පස් වසරක් මෙරට පාලනය කළ දූෂිත දේශපාලනය අවසන් කිරීමේ හෝරාවට පැමිණ තිබෙනවා. රටේ පාලකයන් මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යමින් සිටිනවා. මැතිවරණයක් පැවැත්වුවොත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන නිසා පාලකයන් බිය වී සිටිනවා.

රටේ විවිධ කොටස් එක්කර ගනිමින් මහා මිනිස් පවුරක් ගොඩනඟා ඔවුන් සමඟ එකතු වී රට පෙරට ගෙන යෑමට ජාතික ජන බලවේගය ක්‍රියා කරනවා.”

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here