තමන්ගේ දේශපාලන ජීවිත කාලය පොඩි කාලයක් නොවන බවත්, එම කාලයේදී දේශපාලන චණ්ඩින් දැක තිබෙන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු’ සටන් පාඨය නැවත කරළියට ගැනීමට වේලාව පැමිණ තිබෙන බවද ලාල්කාන්ත මහතා සඳහන් කළේය. ඡන්දය දිනා ගැනීමට ජනතා අරගලයක් කළ යුතු බව ද කී ලාල්කාන්ත මහතා ඒ සඳහා දැවැන්ත අරගලයකට ජනතාව සූදානම් කළ යුතු යයි ද සඳහන් කළේය. කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
උපාලි කරුණාරත්න





