Home Politics News Room : විදේශීය දුම්වැටි 2000ක් සමඟ අයෙක් අත්අඩංගුවට

News Room : විදේශීය දුම්වැටි 2000ක් සමඟ අයෙක් අත්අඩංගුවට

4
0

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් රැගෙන යමින් සිටි පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව කොළඹ 11, මල්වත්ත පාර ප්‍රදේශයේ පසුගියදා (31) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හැකිව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඬ පැවැත්වීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය දෙයි. ඒ අනුව නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ල වීදිය පොලිසිය එක්ව මල්වත්ත පාර ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි දෙදහසක් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතළිස් නවයක් වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය දුම්වැටි දෙදහසක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ල වීදිය පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here