Home Local News Room : කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී...

News Room : කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!

5
0

කැලණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණි යුවළකගේ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ කැලණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණි යුවළකට අයත් යතුරුපැදියක් විහාරස්ථාන රථගාලේ දී සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලක් ලැබී ඇත්තේ.

යතුරුපැදියේ සවිකර තිබූ GPS උපාංගය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නිවසක ලොරි රථයක් තුළ සඟවා තිබියදී එය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, යතුරුපැදිය සඟවා තිබූ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරුපැදිය සොරාගත් සැකකරුවන් සොයා කැලණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

dasathalankanews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here