Home Local News Room : ආණ්ඩුවට 116යි! විපක්ෂයට 108යි! 5ක් වෙනස් වුණොත් අයවැය පරාදයි!

News Room : ආණ්ඩුවට 116යි! විපක්ෂයට 108යි! 5ක් වෙනස් වුණොත් අයවැය පරාදයි!

5
0

අඟහරුවාදා (22) පැවැත්වීමට නියමිත අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර කරටකර සටනක් ඇතිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ, මේ වන විටත් අයවැයට විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම මෙන්ම ආණ්ඩුවට සම්බන්ධව සිට ස්වාධීන වූ පාර්ශ්වද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබීම හරහාය.

ඒ අනුව දැනටමත් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනුම්දී ඇති අතර, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ විමල් වීරවංශ පිල, අනුර යාපා පිල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනුම් දී තිබේ.

දැනට ඇති පාර්ලිමේන්තු සංයුතියට අනුව ආණ්ඩුවට ඇත්තේ ආසන 116ක බහුතරයකි.

විපක්ෂයට මන්ත්‍රීවරුන් 108ක ප්‍රමාණයක් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව යම් හෙයකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවහොත් අයවැය පරාජයට පත්වීමේ අවදානමක් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here