Home Local News Room : රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සීමාකරයි – Lanka Truth |...

News Room : රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සීමාකරයි – Lanka Truth | සිංහල

2
0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට ලබාදෙන රියදුරු බලපත්‍ර ප්‍රමාණය සීමා කර තිබේ.

ඒ අනුව එක් දිනකට රියදුරු බලපත්‍ර 50ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය ලබා දෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසයි.

එක්දින සේවය දිනකට රියදුරු බලපත්‍ර 50 කට සීමා කළද හදිසියේ විදේශගත වීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් සෙසු අයදුම්කරුවන්ට සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍ර අයදුම් කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 1,800ක් පමණ මේ වනවිට දිනකට මුද්‍රණය කරන බවත් මුද්‍රණ යන්ත්‍රවල සහ සේවක ධාරිතාව අනුව දිනකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 2000ක් පමණක් බවත් ඔහු අනාවරණය කරයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් හිඟයකින් තොරව තිබූ කාලයේ එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 1,500ක් පමණ නිකුත් කළ බවද ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here