Home Local News Room : රුධිර ප්‍රතිකීයක අවසන්! ඉතිහාසයේ පළමු වතාවට කාසල් රෝහලේ ලේ...

News Room : රුධිර ප්‍රතිකීයක අවසන්! ඉතිහාසයේ පළමු වතාවට කාසල් රෝහලේ ලේ පරීක්ෂා කිරීම නවතී! ගැබිණි මව්වරුන් විශාල අවදානමක!

1
0

සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය රුධිර ප්‍රතිකීයක නොමැති වීම හේතුවෙන් ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල වන කාසල් වීදියේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙසේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවද දැනගන්නට තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඊට සම්බන්ධ ලිපියක් රෝහලේ සියලුම අභ්‍යන්තර අංශ වෙත යොමු කොට ඇති අතර ඒ හේතුවෙන් පසුගිය 14 සහ 15 යන දෙදින කිසිදු පූර්ණ රුධිර පරීක්ෂණයක් රෝහල තුළ සිදුව නැති බව පැවසේ.

මේ හේතුවෙන් රෝහල්ගතව සිටි ගර්භණී මව්වරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් පසුව පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු රුධිර ප්‍රතිකීයක හේතුවෙන් නැවතත් එම පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here