දැඩි කොන්දේසි යටතේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.
අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්රී ලංකා රජය සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.
ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.
එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.
එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය.
මහෙස්ත්රාත් ජැනට් වැක්විස්ට් විසින් පහත සඳහන් ඇප කොන්දේසි ධනුෂ්කට එරෙහිව පනවා තිබේ.
*ඩොලර් 150,000 ඇපයක්
*දිනපතා පොලීසියට වාර්තා කළ යුතුය
*රාත්රී 09ත් උදෑසන 06ත් අතර ගමන් බිමන් තහනම්ය
*ටින්ඩර් සහ වෙනත් Dating App භාවිතය තහනම් ය.
*පැමිණිලිකාරිය සමග සම්බන්ධතා පැවැත්වීම තහනම් ය.