Home Local News Room : එදා ගේන්න යද්දි ඒකාබද්ධ විපක්ෂය මැරෙන්න හදපු සිංගප්පූරු ගිවිසුම...

News Room : එදා ගේන්න යද්දි ඒකාබද්ධ විපක්ෂය මැරෙන්න හදපු සිංගප්පූරු ගිවිසුම ඔන්න ආයෙත් එනවා!

6
0

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පවතින සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිපති සංජය රාජරත්නම්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, යන මහත්වරු සහ රේඛීය ආයත ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here