Home Local News Room : සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් කාර්යාලය ඇතුළෙම වෙඩි තියාගෙන මැරිලා! ඇයි...

News Room : සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් කාර්යාලය ඇතුළෙම වෙඩි තියාගෙන මැරිලා! ඇයි වෙඩි තියාගත්තේ? බරපතළ අබිරහසක්!

7
0

මහනුවර ප්‍රදේශයේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙක් අද (16) සිය සේවා ස්ථානය තුළදී තමන්ගේ පුද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දිගන මංගල හෙවත් දොන් රජීව මංගල ගුණවර්ධන නමැත්තෙකි.

ඔහු අංක 7/02, පන්සල පාර, කෙන්ගල්ල, පල්ලෙකැලේ යන ලිපිනය පදිංචිව සිටි ඇත.

ඔහු දිගන නගරයේ පිහිටි හයිලන්ඩ් එජන්සිය නමැති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි සිය කාර්යාලය තුළ දවල් 12ට පමණ සිය රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන මෙසේ සියදිවි හානි කරගෙන ඇත.

තෙල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ඇති ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකු වන දිගන මංගල, රථවාහන විකිණීමේ මධ්‍යස්ථාන, උකස් මධ්‍යස්ථාන සහ මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාර රාශියක හිමිකරුවෙකි.

වෙඩි තබාගැනීමෙන් පසු බරපතළ තුවාල ලැබූ දිගන මංගල, මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, වැඩිදුර විමර්ශන පල්ලෙකැලේ පොලීසිය මගින් සිදුකරනු ලබයි.

lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here