හෙට (17) සිට බලපැවැත්වෙන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000ක් වන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇත.






