Home Local News Room : වසරකට බිලියන 40ක් හොයන්න පුලුවන් සිගරැට්වලට බදු නොගසා බීඩියකට...

News Room : වසරකට බිලියන 40ක් හොයන්න පුලුවන් සිගරැට්වලට බදු නොගසා බීඩියකට රුපියල් 2ක බද්දක් ජනාධිපති ගැහුවේ ඇයි? සිගරැට් සමාගම් මේ අයවැයෙනුත් බදු දැලෙන් රිංගා ගියේ කොහොමද? පිටුපස ඉන්න ඩීල්කාරයන් කව්ද? (VIDEO)

3
0

වසරකට රුපියල් බිලියන 40ක ආදායමක් ලැබිය හැකි සිගරැට් මත බදු පැනවීමක් සිදු නොකොට බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කළ යෝජනාව ආර්ථික විශ්ලේෂකයන්ගේ විමතියට හේතු වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ නිසි අයුරින් බදු නොපැනවීම හේතුවෙන් සිගරැට්වලින් පමණක් වසරකට බිලියන 40ක ආදායමක් රජයට අහිමි වන බවකි.

අයවැයෙන් සිගරැට් සදහා මිල වැඩි කළද සිගරැට් සමාගම් සමග යම් යම් පිරිස් ඇති කරගෙන ඇති ගනුදෙනු හේතුවෙන් වසරකට රුපියල් බිලියන 40ක පමණ බදු ආදායමක් රටට අහිමි වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පසුගිය දිනෙක අනාවරණය කර තිබිණ.

හෙතෙම පෙන්වා දී තිබුණේ දුම්වැටි සදහා නිවැරදිව බදු පැනවූවා නම් මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති චීනයට ණය නොවී සිදු කළ හැකිව තිබූ බවකි.

එමෙන්ම සිගරැට් මගඩියට ආණ්ඩුවේ බලධාරීන් සහාය ලබා දුන් ආකාරය පිළිබදව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළේය.

එහිදී දිසානායක මහතා කියා සිටියේ ව්‍යාපාරික ඩී.එස්. ගුණසේකර සමාගමේ මුදිත ගුණසේකර විසින් ලංකා බැංකුවේ කටුවන ශාකාවෙන් රුපියල් ලක්ෂ 31500ක් සිගරැට් මිලදී ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බවත්, අයවැයෙන් සිගරැට් මිල ඉහළ යාමට නියමිත බැවින් එම සිගරැට් තොගය ඇපයට තබා මෙම ණය මුදල ඉල්ලා ඇති බවත්ය.

මේ අයුරින් සිගරැට් බදු පිළිබද කවුරුන් හෝ තොරතුරු පිටතට ලබා දී ඇති බවත්, ඒ හරහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව මිල සූත්‍රයකට අනුව සිගරට් මිල වැඩි කළ යුතු බවත්, එසේ නොවන තාක් අතලොස්සක් දෙනා අසීමිත ලාබ ලැබීම වැළැක්විය නොහැකි බවත් ආචාර්ය නිශාන් ද මෙල් මහතාද පෙන්වා දී තිබිණ.

ඔහු පවසන්නේ නිසි අයුරින් සිගරට් සදහා බදු පැනවීමෙන් විශාල බදු ආදායමක් රජයට සොයාගත හැකි බවකි.

කෙසේවෙතත් මෙවර අයවැයෙන්ද සිගරැට් මත බදු නොපනවා බීඩි මත පමණක් බදු පැනවීම විශේෂ සිදුවීමකි.

අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව!

ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ඩි මෙල් කළ කතාව!

මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කියපු කතාව…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here