Home Local News Room : වතුර යටට ගිහින් ජීවිතයත් මරණයත් අතර සටනක් දී යාලුවගේ...

News Room : වතුර යටට ගිහින් ජීවිතයත් මරණයත් අතර සටනක් දී යාලුවගේ ජීවිතය බේරාගත් මේ පුංචි වීරයාට හයියක් දෙමු! අපි හිතාගෙන ඉන්න උන්ට වඩා මුන් තමයි වීරයෝ!

7
0

ගාල්ල උඩුගම ගල්ලන්දල ප්‍රදේශයේ පදිංචි මේ පුංචි වීරයා නමින් නිසල් අනුසර.උඩුගම විදුහලෙ දහවන වසරේ ඉගෙනුම ලබන නිසල්ගේ වයස අවුරුදු පහලොවක්.

සැප්තැම්බර් මස 22දා තවත් මිතුරන් පස්දෙනෙකු සමග සිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි විමට නිවසින් පිටත්වෙනවා.අවමංගල්‍ය උත්සවයට සහභාගි වි අනතුරුව එම ප්‍රදේශයේ දිය නැමට සුදුසු ගල්බැම්ම නැමැති ස්ථානය කරා යනවා.එහිදි දිය නෑම සිදුකරන අතරතුර ඔවුන් සෙල්පි ඡායාරූප ගැනිමට යොමු වෙනවා. ඒ අතරතුර ඔවුන්ට එක වරම තම මිතුරකු අඩුබව වැටහෙනව .ඔහු නමින් කවිශ්ක. ඉතිරි යාලුවන් පස්දෙනා කෑ ගසමින් ගොඩබිම් ප්‍රදේශයේ අවිශ්ක සොයන්නට වුනා.

එකවරම නිසල් දියට පැන ගල්බැම්ම පතුලට කිමිද සිය මිතුරා කවිශ්ක දියයට සිරවි සිටින බව පවසා යලිත් දියට පැන මොහොතකින් කවිශ්කගේ සිහිසුන් සිරුර රැගෙන නිසල් ගොඩට පැමිනෙනවා. සිහිසුන් සිරුර පොලොවේ දිගාකල ඔහුට එක වරම යුධ හමුදාවේ රැකියාවේ නියුතු සිය මාමා සම්පත් මෙවැනි අවස්තාවක ගතයුතු පියවර පිලිබඳ තමාට පෙරදිනක ලබාදුන් උපදෙස් ආවර්ජනය වෙනවා.එ අනුව සිය මිතුරන් බියට පත්ව බලා සිටියදි කවිශ්කගේ උදරයේ ඇති වතුර ඉවත් කිරිමට කටයුතු කරනවා.ඉන්පසු කවිශ්කගේ මුවට මුව තබා කෘතිම ශ්වසනය ලබාදෙනවා. විනාඩි කිපයකින් ඒ වන තෙක්ම මරුවා සමග පොරබදමින් සිටි කවිශ්කට පියවි සිහිය ලබාගන්නට මේ පුංචි විරයා නිසල් සමත් වෙනවා.

සිහිය පැමිණි කවිශ්ක හුස්ම ගැනිමට අපහසු බව පවසනවා යලිත් ක්‍රියත්මකවන නිසල් එම ප්‍රදේශයේ සිටින මාමා කැදවාගෙන විත් ඔහුගේ සහයද ඇතිව කවිශ්ක රෝහල් ගතකරනවා.මේ වනවිට කවිශ්ක සුවයලබා සුපුරුදු ජිවිතයට එක්ව තිබෙනව.

එවන් වීර ක්‍රියවක් කල නිසල්ට නිසි ඇගයිමක් ලැබුනේද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් විසල් වීරයා නිසල්ට ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රරකාරයෙන් සාර්ථක කරගන්නට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්තනා කරමි.

ලක්සිරි සේනාරත්න

(අන්තර්ජාලයෙන් උපුටා ගනු ලැබූවකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here