Home Local News Room : රනිල්ගේ සෙස් බද්දෙන් සහල්, අල, පරිප්පු, ලූනු ඇතුළු භාණ්ඩ...

News Room : රනිල්ගේ සෙස් බද්දෙන් සහල්, අල, පරිප්පු, ලූනු ඇතුළු භාණ්ඩ 637ක මිල ඉහළට..! – Lanka Truth | සිංහල

2
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (15) සිට ක්‍රියාත්මක වන පරිදි අයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස සෙස් බද්ද සංශෝධනය කරමින් නිකුත් කර ඇති නියෝග අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩ 637ක මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 220ක්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300ක්, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 550ක් සහ චීස් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 600ක් ලෙස සෙස් බදු ඉහළ දමා ඇත.

මීට අමතරව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300කින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද, කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද සෙස් බදු ඉහළ දමා තිබේ.

එමෙන්ම ආනයනික රබර් හා ටයර් රුපියල් 100 සිට රුපියල් 400 දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90 සිට රුපියල් 1,840 දක්වාද, බෝල්පොයින්ට් පෑන්වල මිල 25%ක් ලෙසත් සෙස් බදු ඉහළ දමා ඇත.

මෙහිදී අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් 200කින්ද ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද වශයෙන් සෙස් බදු ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here