දැනට රජය පියවිව යුතු මෙතෙක් පියවා නැති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන දෙසීයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම් මහින්ද සිරිවර්ධන සඳහන් කරය.
ඔහු මේ බව පැව සූවේ ඊයේ (15) එම අමාත්‍යාංශයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
විශේෂයෙන්ම ඉදිකිරීම්වලට සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතර වන බවත් වර්තමානයේ පවතින තත්වය අනුව රජය පවතින්නේ එම හිඟ බිල්පත් ගෙවිය නොහැකි තත්වයක බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
වර්තමානයේ විවිධ බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම් හේතුවෙන් මෙම අර්තබුදකාරී ත්වය පියමන් කරගත හැකි බවද ඔහු පවසයි.