Home Local News Room : මේ තවත් දරුවෙක්ට අද වෙච්ච තවත් අපලයක්! කුඹුරෙන් යද්දි...

News Room : මේ තවත් දරුවෙක්ට අද වෙච්ච තවත් අපලයක්! කුඹුරෙන් යද්දි ලියැද්දකට වැටිලා මැරිලා!

24
0

කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද  පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය කියයි .

ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා මහා විද්‍යාලයේ එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඩබ්ලිව් එම් . අශාන් මනෝජ් වන්නිනායක නමැති ශිෂ්‍යයා මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .ඔහු ඇහැටුවැව , අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි .

මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට ය පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතු ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here