Home Local News Room : මුහුදට දැවි තෙල් මුදා හැර පරිසර විනාශයක් කළ බවට...

News Room : මුහුදට දැවි තෙල් මුදා හැර පරිසර විනාශයක් කළ බවට චෝදනා ඇති අයකුටම මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ පුටුවක් දීලා! එතකොට පරිසරය ආරක්ෂා වෙයිද?

5
0

මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ පුටුවකට පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අයකු පත් කිරීමට බලධාරීන් කටයුතු කොට ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මීට පෙර වරායට සම්බන්ධ ඉහළ තනතුරක කටයුතු කොට ඇති අතර එහිදී සාගරයට දැවි තෙල් මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වී ඇති අයකු බව පැවසේ.

සමුද්‍ර පරිසර සංරක්ෂණ අධිකාරිය මගින් කළ විමර්ශනයකදී එය තහවුරු කොටගෙන ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ගැනීමට බලධාරීන් පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් යම් දේශපාලන බලපෑමකින් එම විමර්ශන කටයුතු අඩාල වී ඇති අතර පසුව මෙම තැනැත්තා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ තනතුරකට පත්කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයන් ප්‍රශ්න කර සිටින්නේ වරායට සම්බන්ධ ආයතනයක සිටියදී පරිසරය විනාශ කළ බවට චෝදනා එල්ල වී ඇති අයකු මධ්‍යම පරිසර අධිකාරිය වැනි පරිසරය සුරකින ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීම හරහා පරිසරය ආරක්ෂා කරගත හැකිද යන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here