Home Local News Room : දැනටමත් ජාතිය ඉන්නේ අඩපණ වෙලා! මේකෙන් වෙන්නේ ජාතිය කුඩුපට්ටම්...

News Room : දැනටමත් ජාතිය ඉන්නේ අඩපණ වෙලා! මේකෙන් වෙන්නේ ජාතිය කුඩුපට්ටම් වෙලා විනාශ වෙලා යන එක! රනිල්ගේ ත්‍රෛලෝකපත්‍ර කතාවට ඕමල්පේ හිමියෝ උත්තර දෙයි!

4
0

කංසා (ගංජා) වගාව “ත්‍රෛලෝක පත්‍ර” ලෙස නම් කර එය නීතිගත කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් දැනටමත් අඩපණ වී සිටින ජාතිය සහමුලින්ම කුඩුපට්ටම් කරන විනාශයේ ආරම්භයක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ගංජා වගාව හඳුන්වා දීමෙන් ආර්ථික ප්‍රතිලාභ අත්වන අතරම ජනතාවගේ මනස ඒ දෙසට යොමු කිරීමේ සංවිධානාත්මක සැලැස්මක් දැනටමත් පවතින බවකි.

මේ පිළිබඳව පළමුව අදහස් පළ කළේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පවා නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් වූ ඩයනා ගමගේ බවද උන්වහන්සේ සදහන් කළහ.

“ඒ කාන්තාවට මේ රට ගැන කිසිම වගකීමක් නැහැ.එයා වෙන රටක ඒජන්සියක වැඩ කරන කෙනෙක්.ඒ ඊනියා ඒජන්සියෙන් තමන්ට පවරන හැම වැඩක්ම හසුරවනවා. ඔත්තුකාරියක් විදියට කටයුතු කරනවා. ජනාධිපතිවරයා එවැනි කටයුතු සඳහා ඇයට අවසර දීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යටි හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ගංජා වගාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සමස්ත ජාතියම පාවාදෙන පාපයක් ලෙස සැලකිය හැකියි.

“මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න අපිට වාද විවාද, සංවාද කරන්න පුළුවන්. ගංජා ඖෂධයක් ලෙස හඳුන්වන බව ඇත්ත. නමුත් එය භාවිත කරන්නේ නීතිවිරෝධී ලෙසයි, එය භයානක ඖෂධයක් ලෙසයි වර්ගීකරණය කර තිබෙන්නේ. ගංජා ඖෂධයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේද වෛද්‍යවරුන් අවසර දුන්නා. අපි මත්ද්‍රව්‍ය තහනම් කරන්න බැහැ, නමුත් අපි ඒවා අනිසි ලෙස භාවිතා කිරීම නැවැත්විය යුතුයි,” යැයි නාහිමියෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here