Home Local News Room : ටීචර්ගේ පර්ස් එකේ කේස් එකට පහේ ළමයින්ට ගැහුවා කියපු-කූඩැල්ලො...

News Room : ටීචර්ගේ පර්ස් එකේ කේස් එකට පහේ ළමයින්ට ගැහුවා කියපු-කූඩැල්ලො දැම්මා කියපු-කරන්ට් ඇල්ලුවා කියපු ප්‍රින්සිපල්ටයි පොලිසියේ අයටයි ඇප ලැබෙයි! (VIDEO)

5
0

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ, සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බවය.

අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියම කෙරුණි. 

එහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, විදුහල්පතිනියගේ හිංසනයට ලක්වූ ඇතැම් දරුවන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ මව්පියන් මැලිකමක් දක්වන බවය. 

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලීසියේ රියදුරා මීට පෙර ඇපමත මුදාහැර තිබුණි.

පසුගියදා බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ, ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here