Home Local News Room : ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි...

News Room : ඇතුළේ ඉන්න පොඩි ලැසී මවගේ උපන්දිනයට ලක්ෂ 25ක සුපිරි පාටියක් දාලා! පාතාලයන් ඔක්කොම වගේ ඇවිත්! පාටියේදී ලැසී එවපු පණිවුඩයකුත් කියවයි! මවට පවුම් 15ක මාලයකුත් තෑගි දීලා!

2
0

පාතාලයේ ප්‍රබලයකු වන පොඩි ලැසී නමැති අපරාධකරුට ඇප ලැබීමත්, ඔහුගේ මවගේ උපන් දිනයත් සමරමින් පාතාලයේ අපරාධකරුවන් රැසකගේද සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පිහිටි හෝටලයක සාදයක් පවත්වා ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

මේ සාදය පවත්වා ඇත්තේ පසුගිය සතියේය. ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වී ඇති බවද බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

පොඩි ලැසී නමැති පාතාල අපරාධකරු රඳවා සිටින්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේය. ඔහුට ඇප ලැබී ඇතත් ඇප කොන්දේසි සපුරමින් තවමත් ඔහු බන්ධනාගාරයෙන් එළියට පැමිණ නැත.

සාදය පැවති දින පොඩි ලැසී විසින් බන්ධනාගාරයේ සිට නිකුත් කළ පණිවුඩයක්ද කියවා ඇති බව බුද්ධි අංශ කියයි. පොඩි ලැසීගේ මවගේ උපන් දිනය වෙනුවෙන් එදින පවුම් 15ක රන් මාලයක්ද තෑග්ගක් ලෙස පලඳවා ඇති බවද බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here