Home Local News Room : රාජ්‍ය ආයතන විකුණන UNP අයවැයට පොහොට්ටු මන්ත්‍රීවරුත් හොඳ කියනවා...

News Room : රාජ්‍ය ආයතන විකුණන UNP අයවැයට පොහොට්ටු මන්ත්‍රීවරුත් හොඳ කියනවා – විජිත හේරත් – Lanka Truth | සිංහල

2
0

මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මස 02දා ලබා දුන් ආටිකල්04 ලිපියේ අඩංගු කොන්දේසි එකක් හැර ඉදිරි 04ක් ඉටුකරණ UNP අයවැයක් බවත් එයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමණේ මන්ත්‍රීවරු එකඟතාවය පළකරන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.

ලබන 2023 වර්ශය සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය පිළිබඳව විවාදයට සහභාගී අද (15) ඔහු මේ බව පැවසීය.

ජනතාව මත බදු බර පැටවීම, ණය බර පැටවීම සහ රාජ්‍ය ආයතන විකිණීම යන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති මෙම අයවැය ලේඛනයේ සමස්ත හරය වශයෙන් පවතින්නේ යැයිද ඔහු පෙන්වාදුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්කර තිබෙන කොන්දේසි 05කින් යුත් ආටිකල්04 ලිපියේ වංචාව, දූෂණ සහ නාස්තිය අවම කරන ලෙස පවතින කොන්දේසිය හැර ඉතිරි සියලු කොන්දේසි ඉටු කිරීමට මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නේය.

විජිතහේරත් මන්ත්‍රීවරයා හෙළි කළ අනිකුත් IMF කොන්දේසි වන්නේ ආදායම් බදු හා වැට් බදු ඉහළ දමා, මේ වනවිට ලබා දී ඇති බදු සහන අහෝසි කිරීමත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමත් බලශක්ති මිල තීරණය කිරීමේදී පිරිවැය ආවරණය වන ලෙස එය තීරණය කළ යුතු බවත් රුපියල් පා කර හැරීමත් යන කොන්දේසිය. අපේ රට දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද වැරදි දේශපාලන සංස්කෘතිය නිසා අප්‍රිකානු රටවල් වැටුණු අගාදයටම මෙරටද ඇදවැටීමේ වංචා දූෂණ විශාල වශයෙන් සිදු කර ඇති බව අවධාරණය කෙරිණ.

“දැන් ඉතා පැහැදිලිව ටෙලිකොම් එක සහ රක්ෂණ සංස්ථාව විකුණන්න නම් කරලා තිබෙන්නේ කිසිදු තර්කයක් නැතිව මේ අර්බුදය පියවා ගන්න. මේක රනිල් වික්‍රමසිංහගේ UNP ප්‍රතිපත්තියනේ. ඔබතුමන්ලේ මේකටනේ විරුද්ධ වුණේ. රනිල්ගේ UNP ප්‍රතිපත්තිය වැරදියි කියලනේ පොදුජන පෙරමුණ ඊට එරෙහිව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ විකුණපු දේවලුත් පවරා ගන්නවා කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විහාරමාහාදේවී උද්‍යානයේදී කිව්වේ ගන්න නම් එපා කවුරුත් මේ විකුණන ඒවා. ගත්තොත් අපි බලයට ආව ගමන් නැවත පවරා ගන්නවා කියලා කිව්වා. දැන් මොකක්ද මේ කරන්නේ? ඔලුවෙන් හිට ගැනීමක්නේ සිදු කරන්නේ. කෙලින්ම දැන් විකුණන්න ප්‍රතිපත්තීමය තීන්දුවක් ගන්නවා. දැන් විකුණන්න එකඟයි කියලා අත උස්සනවානේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් දැන් අත උස්සන්න වෙනවානේ.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here