රනිල් වික්රමසිංහ ඊයේ (14) ඉදිරිපත් කළ අයවැය ලේඛණයෙන් අධිකරණ ගාස්තු විශාල වශයෙන් ඉහල දමා තිබේ.
මේ අනුව, නීතිය පසිඳවා ගැනීම සඳහා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී අය කරනු ලබන රජයේ ගාස්තුව රුපියල් 10,000ක් දක්වාත්, අධිකරණ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී අය කරන රජයේ ගාස්තුව රුපියල් 15,000ක් දක්වාත් ඉහල දමා තිබේ. ඊට අමතරව රජයේ වෙනත් කටයුතු කර ගැනීමේදී අය කරන ගාස්තු ද විශාල වශයෙන් ඉහල දමා තිබේ.
මෑත කාලයේ ආණ්ඩුව විසින් දියත් කරන ලද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ රාජ්ය මර්දනකාරී ක්රියාමාර්ගවලට එරෙහිව පුරවැසියන් විශාල පිරිසක් යුක්තිය ඉටුකර ගැනීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් වීමේ ප්රවනතාව තුළ මෙම ගාස්තු ඉහල දමා තිබේ.






