Home Local News Room : මාය්‍යා චීස් සන්නාමයේ ප්‍රමුඛතම අලෙවි සල CINNAMON LAKESIDE හිදී...

News Room : මාය්‍යා චීස් සන්නාමයේ ප්‍රමුඛතම අලෙවි සල CINNAMON LAKESIDE හිදී විවෘත කෙරෙයි…

1
0

දෑතින් නිමවුණු ශිල්පීය චීස් සන්නාමය වන ‘මාය්‍යා චීස්‘ (Maia Cheese) විසින්, සිය නිෂ්පාදන පෙළ, ඔවුන්ගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි ‘මාය්‍යා චීස්‘ නවතම අලෙවි සල මෑතකදී විවෘත කරන ලදී.

‘මාය්‍යා චීස්‘ යනු ප්‍රමුඛ පෙළේ චීස් නිෂ්පාදකයකු වන ජෝර්ජියානු ජාතික මාය්‍යා ඩොනඩ්සේගේ (Maia Donadze) සංකල්පයකි. ඇය වර්ෂ 2005 දී ඉන්දියාවේ ගෝවා හිදී ‘මාය්‍යා චීස්‘ සන්නාමය ආරම්භ කළ අතර, පසුව වර්ෂ 2015 දී ශ්‍රී ලංකාවට සංක්‍රමණය විය. අනතුරුව, ඇය මාතලේ, මාදිපොල ප්‍රදේශයෙහි ‘මාය්‍යා චීස්‘ නිෂ්පාදනය ඇරඹීය.

ඉතා කෙටි කාලයක් තුළ ‘මාය්‍යා චීස්‘ ගෘහාශ්‍රිත නාමයක් ලෙස වර්තමාන තත්ත්වයට රැගෙන ඒම සඳහා ලබාදුන් සියලු සහයෝගය සහ මඟපෙන්වීම පිළිබඳ එහි සම-නිර්මාතෘ ෂෙරියෝෂා ඇන්තනී විජේකෝන් වෙත ස්තුතිය පළකිරීමටද මාය්‍යා ඩොනඩ්සේ කටයුතු කළාය.

‘මාය්‍යා චීස්‘, මෑතකදී ‘බැරිස්ටා කැෆෙස්‘ (Barista Cafes), ‘ජෝන් කීල්ස් ගෘප්‘ (John Keells Group) සහ ‘ජෙට්වින්ග් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්‘ (Jetwing Hotels & Resorts) සමගද සැපයුම්කරුවකු ලෙස හවුල්කාරීත්වයන්ට එලැඹ තිබේ. ‘මාය්‍යා චීස්’හි අනෙකුත් හවුල්කරුවන් අතර, ‘සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්‘ (Softlogic Glomark), ‘ගුඩ් මාර්කට්‘ (Good Market), ‘සාරකෙත ඕගනික්ස්‘ (Saaraketha Organics) සහ ‘එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී ජීඩීපී‘ (Aitken Spence PLC GPD – ගෝලීය පාර්සල් බෙදාහැරීම) ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here