Home Local News Room : මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සේවාවන් කන්ද උඩරටට තවදුරටත් සමීප කරවමින්...

News Room : මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සේවාවන් කන්ද උඩරටට තවදුරටත් සමීප කරවමින් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ…

1
0

ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේය.

අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ. කටුගස්තොට නගරයේ මෙන්ම මහනුවර තදාසන්න ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට මෙම නව ශාඛාව මගින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කටුගස්තොට ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් ඡායාරූපයේ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here