Home Local News Room : මහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකක ඇගයීමේ උළෙල සාර්ථකව පැවැත්වෙයි…

News Room : මහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකක ඇගයීමේ උළෙල සාර්ථකව පැවැත්වෙයි…

2
0

මහජන බැංකුවේ ප්‍රාදේශීය ණය ඒකක ඇගයීමේ උළෙල (Apperication Ceremony of Regional Credit Units) 2020/ 2021 පසුගියදා වත්තල ප්‍රෙගසස් රීෆ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු දෙපාර්තමේන්තුව සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය, සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාර ණය යන අංශවලට අදාළව විශිෂ්ට කාර්යසාධනයන් පෙන්නුම් කළ ප්‍රාදේශිය ණය ඒකක ඇගයීමට ලක්කෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතික) කේ.බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පූර්ණ ව්‍යාපාර ගනුදෙනු හා එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂාණි නාරංගොඩ මහත්මිය ඇතු`ඵ ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහ බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here