Home Local News Room : පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන අහන්න ‌මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාවයි...

News Room : පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන අහන්න ‌මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාවයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයායි කැඳවයි!

0
0

මේ දිනවල පොලිස් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවලින් පසු සිදුවිය හැකි මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (SLHRC) විසින් පොලිස්පතිවරයා (IGP) සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවනු ලැබ තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කළේ ඊට සමගාමීව මානව හිමිකම් කඩ කරමින් පොලිස් නිලධාරීන් සිදුකරන නීතිවිරෝධී ක්‍රියා නිරීක්ෂණය කළ බවයි.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවිතයට සහ රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බව ඔවුහු පැවසූහ.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැදී සිටින ආරක්ෂක මණ්ඩලයකින් මෙවැනි ක්‍රියා සිදුවීම අනුමත කළ නොහැකි බවද ඔවුන් කියා සිටියා.

ඉදිරියේදී මානව හිමිකම් කඩවීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වවලට උපදෙස් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here