ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්‍රදේශයේදී අද (15) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇතැයිද වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසළදී ය.






