ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් කිරිපිටි අඩංගු බහාලුම් 17ක් දින 25ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය අද (15දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ යෑම හෝ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.