පොලිසියෙන් කාන්තාවන්ට සිදුවන හිරිහැරවලට එරෙහිව කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධතාවක නිරිත වෙමින් සිටියදී ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි මෙම පිරිස මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.