පොහොට්ටු පක්ෂය නියෝජනය කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජෝන් සෙනෙවිරත්න සහ ප්‍රියංකර ජයරත්න ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමග එක් වූ බවට වන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මන්ත්‍රීවරු අවධාරණය කරති.
එම මන්ත්‍රීවරු අවධාරණය කරන්නේ තමන් සජිත් ප්‍රෙමදාසගේ සමගි ජන බලවේගයට එක් නොවූ බවත් එම පක්ෂය සමග එක් වූ බවට පලවන ප්රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න පවසන්නේ තමන් කිසිදු විටක සමගි ජනබලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නොමැති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ තමා සමගි ජනබලවේගය සමග එක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් දක්වා ඇත්තේ තමා විදේශගතව සිටින බවත් සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත්ය.
මෙම පිරිස සජිත් ප්‍රෙමදාසගේ පක්ෂය සමග එක් වූ බවට පවසමින් එම පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද සමාජ මාධ්‍ය තුළ විශාල උනන්දුවකින් ප්‍රචාරයක් ගෙනයනු දක්නට ලැබිණි.