Home Local News Room : අනුර, චන්දිම, සුදර්ශනී, ජයරත්නගේ තීන්දුවට පොහොට්ටුවේ සාගර කලබල වෙයි!...

News Room : අනුර, චන්දිම, සුදර්ශනී, ජයරත්නගේ තීන්දුවට පොහොට්ටුවේ සාගර කලබල වෙයි! වහාම නිවැරැදි කරන්න! නැත්නම් විනය පියවර ගන්නවා!

0
0

අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් ඊයේ (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේග සන්ධානයට එකතු වීමට කැමැත්ත පළකිරීමේ ප්‍රවෘත්තියෙන් පසුව මහත් සේ කලබලයට පත්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ඊයේ සවස් කාලය පුරාම මෙම මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් අමතමින් ඔවුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට පවසා ඇත.

කාරියවසම් මහතා ඔවුන්ට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති වුවත්, පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කොට තේරී පත්වූ මෙම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම නීති විරෝධී බවයි.

වහාම මෙම තීන්දුව වෙනස් කරන ලෙස කාරියවසම් මහතා ඔවුන්ට බලපෑම් සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව, ඊයේ සවස් වරුවේදී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අනුර ප්‍රියදර්ශන යාපා යන දෙදෙනා ප්‍රකාශ කොට ඇත්තේ තමන් විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා මිස, සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා නොගත් බවය.

‘මව්රට’ට ලැබී ඇති අභ්‍යන්තර තොරතුරුවලට අනුව කාරියවසම් මහතාගේ දැනුම්දීම හමුවේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙම ප්‍රකාශයන් නිකුත් කොට ඇත්තේ නීතිමය ගැටලුවක් ඇති නොවීම සඳහාය.

නමුත් මෙම මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී විපක්ෂ නායකවරයා සමග සම්බන්ධ වූයේ දින ගණනාවක් තිස්සේ පැවැති සාකච්ඡා වට ගණනාවකින් පසුව බව ‘මව්රට’ අපට තොරතුරු දැනගන්නට ලැබී ඇත.

අදාළ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේ ඡායාරූප:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here