Home Local News Room : සමගිය බලය වේ! ඩලස්ලාගේ උත්සවයට සජිත්ලා එක්ක හිටපු ගම්මන්පිල...

News Room : සමගිය බලය වේ! ඩලස්ලාගේ උත්සවයට සජිත්ලා එක්ක හිටපු ගම්මන්පිල කියයි! පිස්සු අලි මෙල්ල කරන්නත් ලෑස්ති වෙයි! (VIDEO)

1
0

සමගිය බලය වන බව නිදහස ජනතා සභාවේ දේශපාලන සහ ආර්ථික දැක්ම ජනගත කිරීමේ අවස්ථාවට අද (13) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ප්‍රශ්නය – ඔක්කොම කට්ටය එකතුවෙලා ගමනක් යන්නද මේ ලෑස්තිවෙන්නේ ? 

“සමගිය බලයවේ. පොල් කෙන්දෙන් අලියෙක් පාලනය කරන්න බැරි වුණාට පොල් කෙදි එකට එකතුකරලා සවිමත් කඹයක් හැදුනාම ඕන පිස්සු අලියෙක් මෙල්ල කරගන්න පුළුවන්.” 

නිදහස ජනතා සභාවේ දේශපාලන දැක්මේ සහ ආර්ථික දැක්මේ මුල් පියවර ”නිදහසට පෙරවදනක්” මැයෙන් කොළඹ ණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරුවේ ජනගත කෙරුණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ බලවේග නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙනි.

නිදහසට පෙරවදනක් දේශපාලන දැක්මෙහි සහ ආර්ථික දැක්මෙහි මුල්පිටපත් පූජ්‍ය පක්ෂයට , සිංහල, දමිළ සහ මුස්ලිම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට සහ දේශපාලන නියෝජිතයින්ට පිළිගැන්වීම එහිදී සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here