Home Local News Room : රනිල් අයවැය ගේන්න මොහොතකට කලින් මහා පෙරළියක්! ආණ්ඩුව එක්ක...

News Room : රනිල් අයවැය ගේන්න මොහොතකට කලින් මහා පෙරළියක්! ආණ්ඩුව එක්ක සිටි 4ක් සජබ සමග විපක්ෂ සන්ධානයට එකතු වෙයි! EXCLUSIVE

1
0

අද දින ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මොහොතක් තබා පොහොට්ටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනකු සමගි ජනබලවේගය සමග එක්වීමට එකගතාව පළ කොට ඇත.

මෙම මන්ත්‍රීවරුන් 4 දෙනා වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජයරත්න හේරත්ය.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම මෙම මන්ත්‍රී කණ්ඩායම සමගි ජන බලවේගය සමග සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව මීට සුලු මොහොතකට පෙර පැවැති අවසන් සාකච්ජාවේදී සජබය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග එකතු වී එහි කොටස්කරුවන් වීමට මෙම පිරිස සිය එකගතාව පළ කොට තිබේ.

අද දිනයේ සමගි ජන සන්ධානයට අයත් සියලු පක්ෂ කැදවා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ඔවුන්ටද දැනුම් දීමට පියවර ගෙන ඇත.

එමෙන්ම අද දහවල් 12.30ට ‌සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවද කැදවා ඇති විපක්ෂනායකවරයා ඔවුන්ටද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here