හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රටේ දුවා දරුවන් නිසි පෝෂණයක් නැතිවත් ක්ලාන්තය හැදී වැටෙන රටක, අහිංසක තරුණ පරම්පරාව අන්ධකාර අනාගතය හේතුකොටගෙන රට අතහැර යන මොහොතක, සමස්ත ජනතාව නැති බැරිකමින් පීඩා විඳිමින් සිටින මොහොතක හැඟීමක් දැනීමක් ඇති කිසිවකුට ඇමති වරදාන වරප්‍රසාද වලට යට විය නොහැකි යැයි පැවසූ විපක්ෂ නායකතුමා, රටම බංකොලොත් වී ඇති මොහොතේ ඇමති තනතුරු 15 කට සහ නියෝජ්‍ය ඇමති තනතුරු 15කට සීමාකොට ආදර්ශයක් ලබා දිය යුතු යැයි ද පැවසීය.
නමුත් එසේ කිරීමට පොහොට්ටුවේ ශක්තියෙන් ජනාධිපතිධූරය ගත් ජනාධිපතිවරයාට නොහැකි බවද බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
අන්ත ධනවාදය හෝ, අන්තර් සමාජ වාදය තුළින් රටක් ගොඩනැගිය නොහැකි බවත්, සමාජ ප්රජාතන්ත්රවාදය සමාජ වෙළඳපොල න්‍යාය සමගි ජන බලවේගය අනුගමනය කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
හැකියාව දක්ෂතාවය සහ කුසලතාවය මත පදනම් වූ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවය බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ සුහුරු පුරවැසියෙකු නිර්මාණය කිරීම යැයි ද පැවසීය.











