ආණ්ඩුවට එක්වී ඇමතිකමක් ගන්නා බවට පහුගිය දිනවල සියලුම මාධ්‍ය හරහා සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙන ගිය රාජිත සේනාරත්න මහතා මේ වනවිට විපක්ෂ නායක කාර්යාලය හරහා ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සදහා වූ ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමකට සහභාගි වී සිටින බව වාර්තා වේ.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සමග ය.
ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් පිරිසක් සමග මෙම රැස්වීම පැවැත්වේ.
මේ අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පිරිසක්ද එක්ව සිටින බව පැවසේ.
කෙසේවෙතත් රාජිත සේනාරත්න මහතාද පසුගිය දින කිහිපය පුරාම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ප්‍රශංසාවට ලක්කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මාධයද ඒ මහතා ආණ්ඩුවට එක්වන බවට වාර්තා කර තිබූ අතර සේනාරත්න මහතාද ඒවා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන නොතිබීම විශේෂ සිදුවීමක් වියත
කෙසේවෙතත් මේ ආකාරයටම වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව කැබිනට් මණ්ඩලය පත්කරන අවස්ථාවේදීත් මාධ්‍ය සියල්ලම පාහේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ඇතුලුව සජබ මන්ත්‍රීවරුන් 20 ආණ්ඩුව සමග එක්වන බවට මාධ්‍ය වාර්තා පළ කොට තිබිණ.
මේ ආකාරයට මාධ්‍ය අසත්‍ය පළකරමින් ඒකපාර්ශ්විකව හැසිරීම පිළිබදව ඉදිරියේදී විශේෂ හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ දිනවල සූදානම් වන බවද දැනගන්නට ඇත.








