Home Local News Room : මත්කුඩු, ගංජාවලට එරෙහිව හඬ නැගූ ලිසි නෝනාගේ ගෙදරට මත්...

News Room : මත්කුඩු, ගංජාවලට එරෙහිව හඬ නැගූ ලිසි නෝනාගේ ගෙදරට මත් ජාවාරම්කරුවන් ගිනි තියයි!

2
0

දිඹුලාගල දළුකාන ආදිවාසී නායිකාව වන කේ. ලිසි නෝනාගේ පොල්අතු වෙළෙඳසලට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇතැයි ඇය මනම්පිටිය පොලිසියට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දලුකාන ගම්මානයේ සහ අවට ආදිවාසී ගම්මානවල නිරන්තරවම සිදුවන නීති විරෝධී මත්පැන්, මත්කුඩු, ගංජා, ජාවාරමට දිගින් දිගටම විරෝධය දක්වා උපවාස සිදුකිරීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෝ පිරිසක් තම කුඩා පොල්අතු වෙfළඳසල අද අලුයම් කාලයේ ගිනිතබා විනාශ කර ඇතැයි දළුකාන ආදිවාසී නායිකා කේ. ලිසිනෝනා හඬා වැළපෙමින් සඳහන් කළාය.

තමා මේ පිළිබඳ මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, මේ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් දඹාන ආදිවාසී නායකයන් සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කේ. ලිසීනෝනා පැවසුවාය.

58 වියති තිදරු මවක වන ලිසීනෝනා මීට පෙර අවස්ථා හතකදී පමණ දළුකාන ඇතුළු ආදිවාසි ගම්මානවල තම වරිගයින් මත්පැන්වලට ගොදුරුව ජීවිත විනාශ වීම පිළිබඳ විරෝධතා පවත්වා හඬක් නැගූ කාන්තාවක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩිලෙස විරුද්ධව ක්‍රියාකළ ආදිවාසි නායිකාවකි.

දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව ක්‍රියාකළ නිසා දලුකාන ගම්මානයේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් පැමිණ තමන් ජීවත්වීමට අඹ සහ පොල් විකුණු කුඩා පොල් අතුපැළ විනාශ කිරීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද ආදිවාසි නායිකාව හඬා වැලපෙමින් ප්‍රකාශ කළාය.

මේ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර සඳහන් කළේය.

lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here