පොලිසියේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරන අපරාධ සහ අනීතික ක්රියා සම්බන්ධ වාර්තා ඉතා විශාල ලෙස ඉහල යමින් පවතී.
මේ සම්බන්ධයෙන් අද (14) නිකුත් කළ දිනමිණ පුවත් පතේ ප්රවෘත්ති 05ක් පළකර ඇත. පසුගිය රාජපක්ෂ පාලන සමයේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම අදාළ ප්රදේශයේ මන්ත්රීගේ කැමැත්ත අනුව සිදුකර ඇති බව පොලිස්පතිවරයා ම ප්රසිද්ධියේ හෙළි කළේය. එයින් හට ගත් කඩාවැටීම මේ වනවිට වඩාත් වේගවත් වී ඇත.
දිනමිණ පුවත්පතේ අද පළකර තිබූ ප්රවෘත්ති 05ට අදාළ සිරස්තල මෙසේය.
1. කුඩුකාරයා මුදා හරින්න අල්ලස් ගත්තැයි කොස්තාපල් ගැන විමර්ශන
2. කැලණිය පොලිස් මංකොල්ලවල හොඳ හොඳ කෙළි එළියට එයි
3. පොලිස් කතුන්ගේ බෙල්ලෙන් ඇල්ලූ OIC ගැන පරීක්ෂණ
4. පාසල් ක්රීඩාගාරයේදී සිසුවෙකුට අතවර කළ ප්රජා පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
5. උසාවියේ තිබුණු උළුවහු හොරෙන් පැන්නූ රාලහාමිට වැඩ වරදී






