Home Local News Room : ආසියානු රගර් තරගාවලියට දකුණු කොරියා ගිය ලංකා නායිකා දුලානි...

News Room : ආසියානු රගර් තරගාවලියට දකුණු කොරියා ගිය ලංකා නායිකා දුලානි කණ්ඩායමෙන් පනී!

0
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ එම තරගාවලියෙන් පසු අතුරුදන්ව තිබේ.

කණ්ඩායම් කළමණාකරු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් මාර්ගයෙන් මේ පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව ඉන්චියොන් හි නැම්ඩොං පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද පෙරවරු 11.30 ට පමණ ඉන්චියොන් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතය.

කොරියානු පොලිස් නිලධාරියෙකු පැවසුවේ කණ්ඩායම කොරියාවෙන් පිටවීමට පෙර දුලානි සොයා ගැනීමට පොලිසිය උපරිම උත්සාහයක් ගන්නා බවයි.

මීට පෙර එංගලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණඩලයීය තරගාවලියට ගිය ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම අතුරුදන් වූ බවද වාර්තා ‌විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here