ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කිංස්බරි හෝටලයේ සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට සූදානම් කර තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
විපක්ෂය එසේ සූදානමින් සිටින්නේ වියදම් කැපීමට අවශ්‍ය නිසා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, තානාපතිවරුන්ට ලබා දෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සිදු නොකරන බවට ආණ්ඩුවෙන් ප්‍රකාශයක් කර තිබියදී මේ අයුරින් සුපිරි හෝටල්වල විස්කි, බ්‍රැන්ඩි වැනි ඉහළම වර්ගයේ මත්පැන් සහිතව රාත්‍රී භෝජන සංග්‍රහයන් පැවැත්වීමට මුදල් කොහොන්ද යැයි කියාය.
ඒ අනුව එම මුදල් ආණ්ඩුවෙන් ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවද වාර්තා වේ






