Home Local News Room : යළි ක්ෂය රෝගය හිස ඔසවයි – Lanka Truth |...

News Room : යළි ක්ෂය රෝගය හිස ඔසවයි – Lanka Truth | සිංහල

0
0

මෙරටින් වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර දෙක හා සැසඳීමේදී වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙම වසරේ පසුගිය කාර්තු දෙක අවසානයේදී දිවයින පුරා ක්ෂය රෝගීන් 4,000කට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ පවසයි.

වාර්ෂිකව වාර්තා වන රෝගීන්ගෙන් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඉන් දළ වශයෙන් 2/3ක පමණ ප්‍රමාණයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍යවරයි සඳහන් කරයි.

කොළඹ නගර සභා බල ප්‍රදේශය පවතින තදබදය සහ වාතාශ්‍රය ප්‍රමාණවත් නොවීම ආදී සාධකත් දුම් පානය, මත්පැන් භාවිතය යනාදී සාධකද ක්ෂය රෝගය වැළඳීම සඳහා අවදානම් සාධකත් හේතුකොට ගෙන මෙම ප්‍රදේශයෙන් බහුලව රෝගීන් වාර්තා වීම දක්නට ලැබෙන බවද වෛද්‍යවරිය පවසයි.

සති 2කට වඩා කල් පවතින කැස්ස, මද උණ ගතිය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙසත් මීට අමතරව ශරීරයේ බර අඩුවීම, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණයන් දක්නට ලැබෙන බවත් විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ, මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීමට වග බලා ගන්නා බවත් සියලුම ප්‍රතිකාර ලබා ගැනීමට තම දිස්ත්‍රික්කයේ පිහිටි සායනය වෙත යොමු වීම හෝ ළඟ ම පවතින රෝහල වෙත යොමු වීම කළ යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here