Home Local News Room : පොහොට්ටුවට පණ දෙන්න බෑ – බිම් මට්ටමේ ක්‍රියාකාරකයන් තොග...

News Room : පොහොට්ටුවට පණ දෙන්න බෑ – බිම් මට්ටමේ ක්‍රියාකාරකයන් තොග පිටින් ඉවත් වෙති – Lanka Truth | සිංහල

0
0

මහින්ද රාජපක්ෂ මූලික කර ගනිමින් පොහොට්ටුව නැවත නගා සිටවීම සඳහා ගෙනගිය ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් මේ වනවිට ඉවත්ව ගොස් ඇති බවට කරුණු හෙළිවී තිබේ.

එම පක්ෂය මහින්ද රාජපක්ෂ පෙරමුණේ තබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් රැළි මාලාවක් පවත්වා ගෙන යාමට සැලසුම් කළද එය ද මේ වන විට සම්පූර්ණයෙන් අසාර්ථක වී තිබේ. රෝහිත අබේගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ සහ සනත් නිශාන්ත යන තිදෙනා පමණක් දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් පැවැත්වූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු පවා එවැනි රැස්වීම් පැවැත්වීම මඟහරිමින් සිටින බව හෙළිවී තිබේ.

එම රැළි අසාර්ථකවීමෙන් පසුව පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් පවුල් පිටින් එයින් ඉවත් වෙමින් සිටී, මෙම තත්වය තුළ පොහොට්ටු පක්ෂයට බලය තිබෙන පළාත් පාලන ආයතන ලබන වසර වෙනුවෙන් අයවැය ලේඛන පරාජයට පත් වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here