සිරිදම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරණ ලෙස ඉල්ලා සාමකාමී විරෝදයක යෙදුනු කාන්තාවන් දෙදනාට එරෙහිව පොලිස් බලය යොදවන අතර ඉහළ පොලිස් නිලධාරියෙකු පොලිස් කාන්තාවකට කරණ ලඳ කෲර බලපෑම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරණ ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බලකර සිටී.
අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ අද (13) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව අවධාරණය කරණු ලැබීය. අදාල ඉහල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අදාල වන නීති ගණනාවක් උල්ලංගණය කර ඇති බවපෙන්වා දෙනු ලැබීය.
එම පොලිස් නිලධාරිනියන් මව්වරුන් හෝ දියනිවරුන් හෝ වියහැකි බවත් ඔවුන්ගේ සැමියන් සහ දරුවන් ඉදිරියේ පත්වන අපහසුතාවය අසීමිත බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි. මාධ්‍ය කැමරා සහ සිවිල් සමාජය ඉදිරියේ එලිපිට මේ ආකාරයෙන් ඉහළ නිලදාරීන් කෲර ලෙස සලකන්නේ නම් පොලිස් ස්ථාන තුල කෙතරම් කෲර ක්‍රියාවන්ට නිළධාරිනියන් ගොදුරුවනු ඇතිදැයි ප්‍රශ්ණ කෙරිණ.






