ඊයේ පැවැති විරෝධතාවක් අතරතුරදී ඉහළ පොලිස් නිලධාරියකු විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ ගෙලෙන් අල්ලා තල්ලු කරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
අදාළ පොලිස් නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන ආකාරයක් දැකගැනීමට පුලුවන.






