Home Local News Room : ඉල්මහ විරු සැමරුම අද – Lanka Truth | සිංහල

News Room : ඉල්මහ විරු සැමරුම අද – Lanka Truth | සිංහල

0
0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුලු මුල් පෙළේ නායකයින් ඝාතනය කර වසර 33ක් සම්පූර්ණවීමේ ඉල්මහ විරු සැමරුම අදට (13) යෙදී තිබේ.

එම සැමරුම කොළඹ විහාරමහ දේවි එලිමහන් රංග පීඨයේදී අද පස්වරු 3.30ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එම සැමරුමට සමගාමීව විරු සමරු ගී ප්‍රසංගයක් ද පැවැත්වේ.

ප්‍රජාතන්තවාදී දේශපාලනයේ නියැලී සිටි ජනතා විමුක්ති පෙරමුණ 1983 කළු ජූලිය පිට දමා එවකට බලයේ සිටි රනිල් වික්‍රමසිංහගේ මාමා ජේආර් ජයවර්ධන, සජිත් ප්‍රේමදාසගේ පියා රණසිංහ ප්‍රේමදාස සහ එවකට තරුණ කටයුතු ඇමති ධුරයේ සිටි රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයින් විසින් තහනම් කර මර්දනය දියත් කරනු ලැබීය. එම තහනම ක්‍රියාත්මක කරමින් තිබියදී 1987 ජූලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරමින් ඉන්දීය හමුදා මෙරටට කඳවා ගෙන එනු ලැබීය. එම බලහත්කාරී ගිවිසුම සහ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජනතාව ගෙන ගිය විරෝධතා මර්දනය කරමින් ප්‍රමුඛ ඉලක්කයක් ලෙස ජවිපෙ නායකයින් හඹා ගොස් ඝාතනය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here