Home Local News Room : ආර්ථිකය ඝාතනය කරපු කබ්රාල් පොත් ලියනවා! ආර්ථික ඝාතකයන්ට එරෙහිව...

News Room : ආර්ථිකය ඝාතනය කරපු කබ්රාල් පොත් ලියනවා! ආර්ථික ඝාතකයන්ට එරෙහිව පාරට බැස්ස සිරිධම්ම හාමුදුරුවෝ මුදලිගේලා හිරගෙවල්වල දාලා! (VIDEO & PHOTOS)

1
0

මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න මුල් වෙච්ච රාජපක්ෂලා සමග එක්ව රටේ ආර්ථිකය මංකොල්ල කෑ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයින් මැද” කියා පොතක් ලියා ඇති බවත්, අනෙක් පැත්තෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් පාරට බැහැපු සිරිධම්ම හාමුදුරුවෝ, වසන්ත මුදලිගෙ ඇතුළු පිරිසක් බන්ධනාගාර ගත කර ඇති බවත් මේ අරුම පුදුම තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට ආර්ථික ඝාතනයකට ලක් කරන්න මුල් වෙච්ච ප්‍රධාන පෙළේ කීප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න නිවාඩ් කබ්රාල් කිසිම ප්‍රශ්නයක් නැතිව තමන් ඇතුළු කල්ලිය කරපු ආර්ථික අපරාධ ගැන පොත් ලියන විට, මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, මහා ආර්ථික සාපරාධි ක්‍රියාවක් කරන කල්ලියට එරෙහිව පාරට බැහැපු සිරිධම්ම හාමුදුරුවෝ සහ මුදලිගේ ඇතුළු පිරිස සිරගත කිරීම මොන අසාධාරණයක් දැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළේය.

හරි නම් හිරේ ඉන්න ඕනේ ආර්ථික ඝාතනය සිදු කරපු කල්ලිය බව කී විපක්ෂ නායකතුමා, නමුත් සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථික ඝාතනයෙන් වලක්වන්න අරගල කරපු කණ්ඩායම හිරගත කිරීම බවත් පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ දොඩම්ගස්ලන්ද ආසනයේ සමගි ජන බලවේග බලමණ්ඩල රැස්වීම අමතමිනි.
ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.

රටේ ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බවත්,එය ලබාගැනීමට සමගි ජන බලවේගය අරගල කරන බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here