Home Local News Room : අද පස්වරුවේත් තද වැසි – Lanka Truth | සිංහල

News Room : අද පස්වරුවේත් තද වැසි – Lanka Truth | සිංහල

0
0

අද (13) දහවල් 1.00 න් පසු දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, නැගෙනහිර පළාත්වලත්, මුලතිව්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here