සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් ගැහැණු ළමුන් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.
ඔරුවේ ගමන් කළ බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකුව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ව රෝහල්ගත කර ඇත.
අතුරුදන්ව ඇති ගැහැණු ළමුන් තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.
මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.
මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලීසිය පවසයි.