Home Local News Room : රනිල් ආණ්ඩු හදන්නේ අවස්ථාවාදී විදිහට! ඒක හදන්නෙත් ආයුධ විකුණන...

News Room : රනිල් ආණ්ඩු හදන්නේ අවස්ථාවාදී විදිහට! ඒක හදන්නෙත් ආයුධ විකුණන අය ඩීල් දාලා සල්ලි විසිකරලා! රනිල්ට නම් රට හදන්න බෑ -මාස 5කට කලින් රාජිත! රට ගොඩගන්න පුලුවන් අංක එකේ පුද්ගලයා තමයි රනිල්! සිරිකොත කියන්නේ අපේ මහගෙදර -ඊයේ පෙරේදා රාජිත! (VIDEO)

1
0

මාස 5ක් ඇතුළත රාජිත සේනාරත්න මහතා විසින් කළ එකිනෙකට වෙනස් ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ දෙකක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

එහිදී මාස 5කට පෙර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාවාදී ලෙස ආණ්ඩු සකස් කිරීමට උත්සාහ කරන බවත්, ආයුධ විකුණන පුද්ගලයන් විසින් මුදල් විසිකර වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර ගැනීමට කටයුතු කරන බවත්ය.

රනිල්ට රට හදන්න නොහැකි බවද සේනාරත්න මහතා එහිදී සදහන් කර සිටී.

කෙසේවෙතත් මීට දින කිහිපයකට ඉහතදී රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ජාවක් ලබා දෙමින් කියා සිටින්නේ රට හැදිය හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවකි.

තමන්ගේ මහගෙදර එජාපය සහ සිරිකොත බවද ඒ මහතා සදහන් කරයි.

මේ ආකාරයට අවස්ථා ගණනාවකදී රාජිත සේනාරත්න මහතා එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කරන වීඩියෝ රැසක් අන්තර්ජාලයෙහි දැකගන්නට පුලුවන.

මාස 5කට කලින් රාජිත….

ඊයෙ පෙරේදා රාජිත…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here