Home Local News Room : රනිල් අධිකරණය හමුවට! – Lanka Truth | සිංහල

News Room : රනිල් අධිකරණය හමුවට! – Lanka Truth | සිංහල

0
0

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මුක්තියට මුවාවී සිටිය ද අනෙකුත් අමාත්‍ය ධුර දැරූම සම්බන්ධයෙන් වන වගකීම් සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි බව නීතිවේදීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුරවැසියන් රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීම පිළිබඳව ය. රනිල් වික්‍රමසිංහ ආරක්ෂක ඇමති වශයෙන් මෙම රඳවා ගැනීමේ නියෝගවලට අත්සන් කරනු ලබයි. ඒ අනුව මේ වනවිට සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ අත්තඩංගුවේ තබාගෙන සිටී.

ආරක්ෂක අමාත්‍යංශයට අමතරව ඔහු මුදල් අමාත්‍යංශය, ආර්ථික ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය සහ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශය තබා ගෙන සිටී. මෙම ඕනෑම අමාත්‍යංශයක කටයුතු සම්බන්ධයෙන් වගඋත්තර කරුවෙකු කරමින් රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ හැකි බව අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here