ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් පාසල් පැමිනිම අදිමදි කරණ තත්වයක් ඔවුන් සිඳුකල සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කරයි.
දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව වන බවත් දෙවන හේතුව ලෙස ආහාරපාන නැතිකම ලෙස හඳුනාගෙන ඇති බවත්, තෙවෙනි හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී මේ බව අනාවරණය වූ බවයි.
එමෙන්ම දරුවන් පාසල් පැමිණියද බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇති අතර ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුව ලෙස වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරයි.